දූෂණ මර්දන වැඩසටහන පිළිබදව 

Please download this Sinhala font and install it if you cannot read the text below.

දූෂණය තුරන්කිරීමේ කටයුතු ශක්තිමත් කිරීම සදහා උදව් කිරීමටත් සුනාමිය හා සම්බන්ධ සංවර්ධන පහසුකම් සදහා මුදල් වැය කිරීම නිරීක්ෂණය කිරීමටත් එ.ජ.ජ්‍ය.සං.ඒ. විසින් ශ්‍රී ලංකා දූෂණ මර්දන වැඩසටහන (දු.ම.වැ) හදුන්වාදෙන ලදී. මෙය භාරදූර කර්තව්‍යයක් වන අතර පුරවැසියන්ගේත්, සිවිල් සමාජයේත්, ව්‍යාපාර සංවිධානවලත්, ඡන්දයෙන් තෝරාගත් සහ පත්කල මහජන නිළධාරීන්ගේත් සහයෝගය හා උපකාරය මෙයට අවශ්‍ය වේ. මෙම ව්‍යාපෘතිය 2006 ජනවාරි මස ආරම්භ වූ අතර 2007 සැප්තැම්බර් දක්වා දිවෙයි.

පශ්චාත් සුනාමි සහන ප්‍රතිසංස්කරන වැඩසටහන්වල වගකීම් සහ විනිවිදභාවය සහතික කිරීම සදහා දූෂණ මර්දන වැඩසටහන විසින් පුහුණු හා තාක්ෂණික ආධාර උපකාර ශ්‍රී ලාංකීය හවුල්කරුවන්ට සහ රැකවල් සංවිධාන වෙත දෙනු ලැබේ. ප්‍රධාන අධීක්ෂණ / සුපරීක්ෂක ආයතනවල (විගනකාධිපති දෙපාර්තුමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම වැනි) ධාරිතාවය වැඩි කිරීම සදහාත් සුනාමි ප්‍රතිසංස්කරන වැඩසටහන් වල වාර්තාකරණයට සහ අධීක්ෂණය සදහා පුරවැසි සහභාගිත්වය වැඩි කිරීමටත්, දූෂණයේ හේතුන් සහ ප්‍රතිඵලයන් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවේ යෙදවීමටත් දූෂණ මර්දන වැඩසටහන කටයුතු කරනු ඇත.

තවද විගණකාධිපති දෙපාර්තුමේන්තුවට සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂන කොමිසමට උපකාර කිරීමට අමතරව දූෂණ මර්දන වැඩසහටන විසින් සුනාමියෙන් තද බලපෑමක් ඇති වූ කලාප තුළ ප්‍රජා දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් පැවැත්වීමටත් එම ප්‍රාදේශීය ප්‍රජා කණ්ඩායම් 12 ට ප්‍රධාන ආධාර දීම සහ වැඩමුළු පැවැත්වීම කරනු ලැබේ. සුළු - ප්‍රධාන වැඩසටහන දූෂණ තුරන් කිරීම සදහා නව වෙනස්කම් සහිත ප්‍රවේශයන්ට ඇතුල්වීමට ප්‍රාදේශිය හා ජාතික සිවිල් සමාජ හා සංවිධාන වලට සහයෝගය දක්වයි. අනාගත දූෂණ මර්දන වැඩසටහන මෙහෙයවීම සදහා ක්‍රියාකාරි සැලස්ම ඉදිරිපත්කරනු ලැබේ.

වැඩසටහන් විශ්ලේෂණය

දූෂණය යනු කුමක්ද?

දූෂණය - පුද්ගලික ලාභ වාසි ලබා ගැනීමට තමාවෙත පවරා ඇති බලය අනිසි ලෙස පාවිච්චි කිරීමයි. එය ආර්ථික වර්ධනයට හා සංව‍ර්ධනයට බරපතල බාධකයක්ද වේ. එය විදේශ ආයෝජන අධෛර්යමත් කරන අතර අපනයකරුවන්ගේ තරගකාරිත්වය දුර්වල කරයි. එය නිරන්තර නීතිවිරෝධී සහ අසාධාරන ක්‍රියාමාර්ගවලට සම්බන්ධවීමට පුද්ගලික ආයතන දිරිගන්වයි. ජනතාව තෝරා පත්කර ගත් නායකයන් පිළිබදව ඇති විශ්වාසනීයභාවය මෙයින් හීන වේ. එය දේපල ආරක්ෂණ අයිතිය දුර්වල කරන අතර නීතියේ ආධිපත්‍ය හීන කරයි. එය නීත්‍යානුකූල රාජ්‍ය ආයෝජන සහ වැඩසටහන් සදහා පවතින සම්පත් අඩුකරන අතර නිරන්තරයෙන් විෂමානුපාතික ලෙස දිළිදු හා ඌනවරප්‍රසාදිත පුද්ගලයින්ට හානිදායක වේ.

දූෂණය විවිධ ස්වර රූප ගනු ලබයි. රු. 1000 මාර්ග නීති කැඩීම ‘බලාත්මකම ක්‍රියාකාරීම’ නැවත් සුළු නීති විරෝධී ගනුදෙනුවේ සිට රුපියල් මිලියන ගණනින් වූ වැට් (අගය එකතු කිරීමේ බදු) දූෂණ සහ අනිකුත් සුක්ෂම මුල්‍ය වංචා දක්වා පැතිරෙයි. සියළුම වර්ගයේ දූෂණ සදහා අවධානය යොමුවිය යුතු අතර දූෂණ කටයුතුවල විවිධත්වයන් නිසා ඊට සමානව විස්තීරණ වෙනස් ප්‍රතිචාරයක් අවශ්‍ය වේ. දූෂණය සහ දූෂණ කටයුතුවලට එරෙහිව ක්‍රියාකිරීම සදහා නව ප්‍රවේශයන් දූෂන මර්දන වැඩසටහන සහ පුහුණු හා තාක්ෂණික පහසුකම් වැඩසටහන් මගින් හදුන්වාදෙනු ලැබේ.

නඩු පැවරීම හා වැලැක්වීම හරහා දූෂණය තුරන් කිරීම

කාර්යක්ෂමව දූෂණය තුරන් කිරීම සදහා දූෂණ මර්දන වැඩසටහන උපාය මාර්ග දෙකක් ගැනීමට අවශ්‍යය. චූදිතයින් සම්බන්ධයෙන් පරීක්ෂණය පැවැත්වීම හා නඩුපැවරීමට සමගාමීව දූෂණය සදහා වන අවස්ථාවන් අඩුකිරීමට නිවාරක ප්‍රයත්නයන් ගැනීමත් කළ යුතුය. අභ්‍යන්තර පාළනය, ‘ව්‍යාපෘති සහ වැඩසටහන් කාලිනව මූල්‍ය විගනණය’, වැඩසටහන් සඵලතාවය සහ වැඩසටහන් කාර්ය්‍යඵලය තක්සේරු කිරීම ව්‍යාපෘති අධීක්ෂණය පිළිබදව පුළුල් ලෙස මහජන මැදිහත්වීම සත්‍යවාදීව විනිවිධාත්මක සංස්කෘතියක් බිහිකිරීම, වගකීම හා අවංකත්වය යන ඒවා දූෂණය වැලැක්වීමේ ක්‍රියාමාර්ග වේ. රාජ්‍ය ආයතන වල විශ්වසනීයභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සහ අර්ථවත් ප්‍රතිඵල අත්කරගැනීම සදහා නඩුපැවරීම හා වැලැක්වීම උපායමාර්ග දෙකම අනුගමනය කිරීම අත්‍යාවශ්‍යය.

දූෂණය ශ්‍රී ලංකාව තුළ ඉතා පැරණි සහ ගැඹුරු - මුල්බැසගත් ගැටළුවකි. එය සමාජයේ සහ රජයේ විවිධ අංශ හරහා පැතිර පවතිවයි. දූෂණයට එරෙහිව සටන් කිරීම සදහා විවිධ ධනාත්මක දායකත්වයන් ලබාදීමට දූෂණ මර්දන වැඩසටහනට හැකිවන නමුත් මෙය ආරම්භයක් පමනි. දූෂණ වසංගතය මැඩපැවත්වීමට වසර ගණනක් ගතවේ. සමහරවිට දශකයක් විය හැක. නමුත් මෙම අරගලය මෙහෙයවීම ඉතා වැදගත්ය.

එ.ජ.ජ්‍ය.සං.ඒ (USAID) ශ්‍රී ලංකා දූෂණ මර්දන වැඩසටහනේ (දු.ම.වැ) අරමුනු

දූෂණ මර්දන වැඩසටහන ගොඩනැගි ඇත්තේ ප්‍රධාන අරමුණු හෝ ආධාරක තුනක් අනුව කටයුතු කිරීමටය.

  1. ඉලක්ක ගත පුහුණු හා තාක්ෂණික ආධාර මගින් විගණකාධීපති දෙපාර්තුමේන්තුව හා අල්ලස් කොමිසම ඉටුකරණ කාර්යන් වල කාර්යක්ෂම බව හා ගුණාත්මකතාවය වැඩි කිරීම.
  2. පුළුල් විනිවිදභාවයක් හා වගකීමක් රාජ්‍ය පරිපාලනය සහ රාජ්‍ය පාලන තුලින් ලබාගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස පුරවැසියන් හා සිවිල් සමාජය රජයේ ක්‍රියාකාරකම් හා ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සදහා යෝග්‍යතම පරිචය ශිල්පීය ක්‍රම යෙදීම.
  3. ප්‍රජා දැනුවත් කිරීම, සන්නිවේදනය වැඩිකිරීම සහ දූෂණය තුරන්කිරීම උනන්දුව ඇති පාර්ශවයන්ගේ සංධානයක් (රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධාන) ගොඩනැගීම.

USAID එ.ජ.ජ්‍ය.සං.ඒ. විසින් ශ්‍රී ලංකා සුනාමි පුනරුත්තාන හා ප්‍රතිසංස්කරන අරමුදලට වෙන්කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන 135කින් කොටසක් දූෂණ මර්දන වැඩසටහන යොදවා ඇත.

ප්‍රදාන ඉල්ලුම් කරන්නේ කෙසේද?

දූෂණ මර්දණ වැඩසටහනේ අපේක්ෂාවන් හා එකග දූෂණ ක්‍රියාකාරකම් හදුනාගැනීම සදහා සහ දියත් කිරීමට දූෂණ මර්ධන වැඩසටහන විවිධ සිවිල් සමාජ හා සංවිධාන වලට සහයෝගය දක්වනු ලැබේ. සුළු ප්‍රදාන මගින් මෙය කරනු ලැබේ. දූෂණ මර්දන වැඩසටහන විසින් වාර්ෂික වැඩසටහන් වාර්ථාවක් නිකුත් කර ඇති අතර ප්‍රදාන අරමුදල් ලැබීමට සුදුසු ආයතන සදහා ඉල්ලුම් කිරීමට මෙමගින් යෝජනා කර ඇත. මෙම වාර්ෂික වැඩසටහන් වාර්ථාවේ ඉල්ලුම්පතක් ඉදිරිපත්කිරීමට අවශ්‍ය තොරතුරුද, ලගාකරගැනීමට අපේක්ෂිත වැඩසටහන් අරමුණුද, සුදුසුකම්ද, අරමුදල් සීමා සහ ඉල්ලුම්පත් ආකෘතියද ඇතුලත් වේ.

Download a PDF viewer if you don't have it installed already. (Opens in a new Window)